ලංකාවට එන විදේශිකයින්ට ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කරයි

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේදී ස්ථාපිත කිරීමට නියමිතයි.

මේ වනවිට මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යා යුතුවේ.

මෙය කාලය හා මුදල් නාස්තියක් බවට පෙන්වා දීමෙන් අනතුරුව, මෙම තීරණය ගත්බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

නව වැඩපිළිවෙල ලබන මස තුන් වැනිදා සිට ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *