ශ්‍රි ලංකාව සංචාරකයින්ගේ පාරාදීසය වෙයි – සතියට සංචාරකයින් 45,000ක් එයි

2024 නව වසරේ ජනවාරි මාසයේ ගත වූ පළමු දින 07 තුළ දී සංචාරකයින් 45,303 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පසුගිය ජනවාරි 03 වන දා එනම් පසුගිය බදාදා දිනය දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක්, මෙම වකවානුව තුළ මෙරටට පැමිණ ඇති දිනය ලෙස සටහන්ව ඇති අතර එම සංඛ්‍යාව 7,251 කි.

මෙම කාලසීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 8,208 ක් වේ. මීට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 6,780ක්, ජර්මනියෙන් 3,504ක්, එක්සත් රාජධානියෙන් 3,179 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *