සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර තිබෙනවා.
විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවති අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසූ අතර ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – නානුඔය ලෙස නව දුම්රිය දෙකක් පෙබරවාරි මාසයේ සිට ධාවනයට එක්කිරීමට නියමිත අතර, ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන්වාරයක් ද යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ
ඇල්ල – ඕඩිසි – කැන්ඩි දුම්රිය පෙබරවාරි මස 01 වනදින සිට සෑම සති අන්තයකම මහනුවර සහ දෙමෝදර අතර ධාවනයට යෙදවන බව දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා සඳහන් කළ අතර ඇල්ල ඕඩිසි – නානුඔය දුම්රිය පෙබරවාරි මස 10 වනදින සිට, නානුඔය සහ බදුල්ල අතර ධාවනයට එක්කිරීමට නියමිතයි.
කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන් වාරයක් පෙබරවාරි මස 10 වනදා සිට සෑම සඳුදා දිනයකම කොළඹින් පිටත්වීමට සහ පෙබරවාරි 11 වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ලෙන් පිටත්වීමට නියමිත වන අතර
ජනවාරි මස 31 වනදා සිට කොළඹ සහ කන්කසන්තුරෛයි අතර රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.