තෙහැවිරිදි දරුවා පියා පැදවූ ට්‍රැක්ටරයේ නගුලට හිරවී මරුට

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ වයස අවුරුදු තුන හමාරක දරුවකු නිවසේ ට්‍රැක්ටරයේ නගුලට හසුවීම නිසා 5 දා මිය ගොස් තිබේ.

පියා විසින් ට්‍රැක්ටරය පිටුපසට ගැනීමේදී දරුවා ඊට පිටුපසින් සිට ඇති එහිදී නගුලට හා බිත්තියට හිර වීමෙන් මෙම මරණය සිදුව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ශිවලෝගනාදන් විදූජන් නමැති දරුවෙකි.

ඔහු සිද්ධියෙන් තුවාල ලැබීමෙන් පසුව මුලින්ම නෙඩුන්කේණී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට මාරු කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

නෙඩුන්කේණී පොලිසිය විසින් දරුවාගේ පියාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර මියගිය දරුවා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ දී පවත්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *