හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙන ගිය පේරේ නීති සිසුවා දුම්රියට බිලි වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ තෙවන වසරේ සිසුවෙකු අද (01) පස්වරු 2.20 ට පමණ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

සිසුවා පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත ගමන් කරමින් සිටිය දී මහනුවර සිට නාවලපිටිය දක්වා ගමන් කරන දුම්රියේ ගැටී තිබෙන බව පේරාදෙණිය පොලීසිය පවසයි.මෙම සිසුවා හැන්ඩ් ෆ්‍රී උපකරණ පැළඳ ජංගම දුරකතනයෙන් ඇමැතුමක් ලබා ගෙන දුම්රිය මාර්ගයේ ගමන් කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.මියගොස් ඇත්තේ තිසල් කිත්සර නැමැති සිසුවෙකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පවසයි.image 4a7dbc3a13 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *