ත්‍රි’මලේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ ඉදිකිරීම් එලෙසම තියන්න – ම​හේස්ත්‍රාත් විහාරාධිපති හිමිට නියෝග කරයි

ත්‍රිකු­ණා­ම­ලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහා­ර­ස්ථා­න­යට අයත් තාව­කා­ලිකව ඉදි­කළ ගොඩ­නැ­ඟිල්ලේ දැනට කළ ඉදි­කි­රීම් ඒ ආකා­ර­යෙන් තබන ලෙසත් නව ඉදි­කි­රීම් හෝ වෙන­ස්කම් නොක­රන ලෙසත් ත්‍රිකු­ණා­ම­ලය ප්‍රධාන මහේ­ස්ත්‍රාත් එම්.එන්.එම්.සම්සූ­දීන් මහතා විහා­රා­ධි­කාරී හිමි­යන්ට ඊයේ (19) නියෝග කළේය.

ත්‍රිකු­ණා­ම­ලය පොලිස් අධි­කාරි ජේ.එල්. අජිත් කුමාර වරාය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කේ.ඩබ්.ජී.එස්.කේ. සම­ර­සිංහ මහ­ත්වරු ඉදි­රි­පත් කළ BR/1784/01/PC/25 දරන බී වාර්තාව සැල­කි­ල්ලට ගෙන මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය නිකුත් කළේය.

ත්‍රිකු­ණා­ම­ලය ඩච් බේ වෙරළ තීරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහා­රා­ධි­කාරි හිමි තාව­කා­ලික ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි­ක­රන බවට වෙරළ සංර­ක්ෂණ හා වෙරළ සම්පත් කළ­ම­නා­ක­රණ දෙපා­ර්ත­මේ­න්තුව කළ පැමි­ණි­ල්ලක් අනුව දෙපා­ර්ශ්ව­යක් අතර ඇතිවූ ආර­වු­ලක් සම්බ­න්ධ­යෙන් පොලී­සිය මෙම බී වාර්තාව ඉදි­රි­ප­ත්කර තිබුණි.

ඉදි­රි­පත්වූ කරුණු සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා අදාළ ඉදි­කි­රීම් හා සිදු කළ පරී­ක්ෂ­ණ­වල ප්‍රග­තිය දැක්වෙන වාර්තා­වක් ලබන 26 දා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස වරාය පොලී­සි­යට නියම කෙරිණි. මේ අතර අදාළ අධි­ක­රණ නියෝ­ගයේ පිට­පත් රෝහ­ල්ගත වී සිටින විහා­රා­ධි­කාරි හිමිට හා දායක සභාවේ ලේක­ම්ව­ර­යාට භාර­දී­මට පිය­වර ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *