සටන් විරාමයට එකග වන්න,නැත්තම් ඉරිදා වනවිට හමාස් සංවිධානය විනාශ කළ හෝ මැද පෙරදිග සාමය පිහිටුවනවා – ජනාධිපති ට්‍රම්ප්

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා යෝජනා කර ඇති සාම සැලැස්ම පිළිගැනීමට හමාස් සංවිධානයට අවසන් නියමිත කාල සීමාවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් නිකුත් කර තිබේ.

ට්‍රම්ප් මහතා සිය “Truth Social” ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, වොෂින්ටන් වේලාවෙන් ඉරිදා (05) සවස 6.00 වන විට සාම ගිවිසුමකට එළඹිය යුතු බවයි. මෙම කාල සීමාව තුළ ගිවිසුම පිළි නොගතහොත්, හමාස් සංවිධානයට එරෙහිව “මීට පෙර කිසිවෙකු දැක නැති ආකාරයේ දරුණු හමුදා ක්‍රියාමාර්ග” අරඹන බවට ඔහු දැඩි ලෙස අනතුරු අඟවා ඇත.

ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ, “මෙම අවසන් අවස්ථාවේ ගිවිසුමකට නොඑළඹුණහොත්, හමාස් සංවිධානයට එරෙහිව කිසිවකු දැක නැති අපායක් මුදා හැරෙනු ඇති” බවත්, “කෙසේ හෝ මැදපෙරදිග සාමය පිහිටුවන” බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *