සුනාමියෙන් මිය ගිය 137කගේ හදුනා නොගත් සිරුරු තවමත් කරාපිටිය වෛද්‍ය පීඨයේ

සුනාමි  ඛේදවාචකයෙන් මියගිය පසුව හමුවූ අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගලයින් 137 දෙනෙකුගේ මළ සිරුරුවල අස්ථි කොටස් තවමත් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ තැන්පත් කොට ඇති බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී  මහාචාර්ය යු.සි.පි. පෙරේරා පවසයි.

මෙකී මළ සිරුරුවලඅස්ථි කොටස් පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා යොදා ගන්නා බවද විශේෂඥ අධිකරණ  වෛද්‍ය  නිලධාරී වරයා පවසයි.

සුනාමි ඛේදවාචකය වී මාසයක් සහ මාස නමයක් අතර කාලය තුළදී  තෙල් වත්ත සහ පැරැලිය යන ප්‍රදේශවල පිහිටි කඩොලාන  සහ වගුරු බිම් වල තිබී  මෙකී මළ සිරුරුවල  කොටස් හමුවු  බවද හෙතෙම පවසයි.

මළ සිරුරු කොටස් සමග හමු වූ ඇතැම් පුද්ගලයින්ගේ  ඇඳුම් පැළඳුම්.උපැස් යුවලවල  ඉතා සුරක්ෂිතව තවමත් තිබෙන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය

.සුනාමි ඛේදවාචකයෙන් පසුමුල් මාස කිහිපය තුළදී මෙම මළ සිරුර අස්ථි කොටස් මියගිය අයගේ ඥාතීන්ට හඳුනා ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනයට තබා තිබූ බවද හෙතෙම පවසයි.

image 3 Iri News
image 4 Iri News
image 5 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *