මාර්ටින් වික්‍රමසිංහට අපහාස කළ කට කැඩිච්ච ටියුෂන් වලට රජයෙන් නව නිතී එයි

උපකාරක පන්ති ගුරුවරුන් පිළිබඳව ලැබෙන පැමිණිලි අනුව එම පංතිවලට කිසියම් නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට යන බව රජයේ විශ්වාස කටයුතු මාර්ග අනාවරණය කරයි.

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් වැනි සුවිශේෂ ලේඛකයකුට උපකාරක පංති ගුරුවරයකු විසින් ප්‍රසිද්ධියේම අපහාස කිරීමේ සිද්ධිය මෙන්ම සමහර ටියුෂන් ගුරුවරුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව ද ලැබෙන තොරතුරු අනුව ළඟදීම නව නීති රැසක් එක්වනු ඇතැයි දැන ගැනීමට ලැබී තිබේ. මේ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ළඟදීම කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *