මහනුවර, ගැටඹේ දියකපනාතොට විහාරස්ථාන භූමියේදී පහර දී ඝාතනය කර තිබුණු පුද්ගලයාගේ මළ සිරුර ඔහුගේ බිරින්දෑවරුන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂ කරනු ලැබ තිබේ.
කුලී පදනම මත හෙම්මාතගම, අරකොටවැල්ල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ, දේහය තම නිවසේ තැන්පත් කිරීමට ඉඩකඩ නොමැති බව ය.ඔහුගේ පළමු විවාහක බිරිඳ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටින බව ත් දික්කසාද වී සිටින බැවින් ඇය ද දේහය භාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කළේ ය.ඒ අනුව, දේහය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා රජයේ වියදමින් මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා පොලිසිය පියවර ගෙන තිබේ.ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී අද (අප්‍රේල් 9) සිදු කර ඇත.මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් දියකපනාතොට විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම සහ සිවිල් ආරක්ෂක නිලධාරියා අප්‍රේල් 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග පොර බැදීම නිසා ඇති වූ බව කියන තුවාල හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.