පොලිස් සැරයන්වරු දෙන්නගේ ඇග උඩටම ගහ කඩා වැටෙයි – තුවාල ලබා රෝහලට යවයි

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු   ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා  තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර  ඇති බව අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශය පවසයි  .

දඹුල්ල පොලිසියට අනුයුක්ත සේවය කරන මාතලේ  කොට්ඨාශ   රථවාන අංශයේ පොලිස් සැරයන්වරයෙකු  සහ මරදන්කඩවල  පොලිසියේ සැරයෙන් වරයෙකු ගමන් කල  යතුරු පැදියක් මතට මෙම ගස කඩා වැටී ඇති බව  පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් පස් දෙනෙකු යතුරුපැදි තුනකින් රාජකාරී කටයුත්තක් සඳහා  අද උදෑසන මාතලේ සිට අනුරාධපුර බලා එමින් සිටියදී එක් යතුරු  පැදියකට මරදන්කඩවල  පොලිසියේ සැරයන්වරයෙකු  අතරමඟදී නැඟ ඇති බව පොලිසිය කියයි.

අනුරාධපුර කවරක්කුලම පොලිස් වසමේ කවරක් කුලම හන්දිය බුදු පිළිමය ආසන්නයේදී  මෙම ගස එක් යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *