පසුගියදා පැවැති නුගේගොඩ ජන රැළිය “මහා ගිනි ජාලාවක්” බවට පත්ව ඇති බවත්, ඊළඟ රැළිය තමන්ගේ පළාතේ හෝ දිස්ත්‍රික්කයේ පවත්වන ලෙසට රට වටෙන්ම ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.