හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් රචිත කෘතියක ඇතුළත් විස්තර අනුව පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේ මහ මොළකරු සහරාන් හෂිම් බවට කරුණු හෙළි කර තිබේ.
එම ලේඛනයේ දැක්වෙන පරිදි මෙම ප්‍රහාරය සහ සහරාන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙසේය:
ප්‍රහාරයට අවශ්‍ය පිපිරුම් ද්‍රව්‍ය රැස් කිරීම, බෝම්බ නිෂ්පාදනය සහ අවි ආයුධ රැස් කිරීම සිදුකර ඇත්තේ සහරාන් හෂිම් විසිනි.
පුහුණු කඳවුරු පවත්වමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ මනස ඒ සඳහා සකස් කර ඇත්තේ සහරාන් විසිනි.
බෝම්බ පිපිරවිය යුතු ස්ථාන සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කවුරුන්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ බලය සහරාන් හෂිම් සතු විය.
