තැඹිලි ගෙඩියට උළුහාල් ග්‍රෑම් 25ක් දාලා බිව්වම දියවැඩියාව මට්ටු කරන හැටි මෙන්න

දියවැඩියාව කියන්නේ අද වෙනකොට බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා තියන බෝ නොවන රෝගයක්..

දියවැඩියාවට ගොඩක් ඖෂධ මේ වෙනකොට තිබුණත්, ඒ හැම දේකින්ම තවමත් නිසි විසඳුමක් ලැබුණේ නැති ඕනම කෙනෙක්ට මේ කියන දේ ගොඩක් වැදගත් වේවි..

දියවැඩියාව සුව කර ගැනීම සඳහා මෙයට වසර 500 කට පෙර විසූ ජනයා පාවිච්චි කළ පානයක් ගැන ඔබට කියන්නම්.. හොඳ තත්ත්වයේ තැඹිලි ගෙඩියක් ගන්න..

උළුහාල් ග්‍රෑම් 25 ක්‌ වංගෙඩියේ ලා කොටා, තැඹිලි ගෙඩියේ ඇස්‌ස කපා එම උළුහාල් තැඹිලි ගෙඩිය තුළට දමා ඇස්ස වසා, රැයක් එළිවන තුරු එළිමහනේ පින්නේ තබන්න..

පසුව උදේ සවස ආහාරයට පෙර මෙය පානය කරන්න.. මෙය දින 14 ක් කළ යුතු ප්‍රතිකාරයක්… ඒ නිසා තැඹිලි ගෙඩි 14 ක්‌ අවශ්‍යයි.. රන් තැඹිලි සපයා ගත හැකි නම් වඩාත් සුදුසුයි..

සෙම් අමාරුව තිබෙන අය මෙය පරිහරණය කිරීමේදී රාත්‍රි වේල, ඉර බැසීමට පෙර සවස් වරුවේ පානය කළ යුතුයි.. ඒ සමඟම කුරක්කන් කැඳ, කුරක්‌කන් පිට්ටු, කුරක්කන් රොටි යනාදියත් ආහාරයට ගත යුතුයි.. මෙය දියවැඩියාවට දිව ඔසුවක්… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *