පාතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි නීතිඥවරුන්, භික්ෂූන්, බන්ධනාගාර හා පොලිස් නිලධාරින් ඇතුළු වෘත්තිකයන් සිය ගණනක් ගැන ආරක්ෂක තක්සේරු ලබා ගැනීමට පොලිස් මූලස්ථානය හා ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ආරක්ෂක අමාත්‍යංශය මේ වන විටත් එවන් අවධානම් සහගතව ජීවත් වන වෘත්තිකයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් තර්ජන පිළිබඳ තක්සේරු වාර්තා කැඳවා තිබෙන බව ආරක්ෂක ආරංචිමාර්ග කියා සිටියි.
පාතාල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන ඇතැම් නීතිඥයන්ටද ප්‍රතිවාදී පාතාල කල්ලි මගින් ජීවිත තර්ජන එල්ල වී ඇත.