පාර්ලිමේන්තුවට සහ පළාත් පාලන ආයතන වලට තේරී පත්ව සිටින සියලුම මන්ත්‍රීවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාලයට සම්බන්ධ දැයි සෙවීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ මහජන නියෝජිතයින් කිහිප දෙනකු පාතාල කණ්ඩායම් සමග සබඳතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ඒ අය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ආරම්භ කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.