නාවිකයින් බේරා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් මැනවින් පෙන්නුවා – එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි

ආපදාවට පත් ඉරාන නෞකාවල සිටි පිරිස බේරාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) දැඩි ඇගයීමට ලක්ව ඇත.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙම මානුෂීය මෙහෙයුම හරහා ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳීම් මැනවින් නිරූපණය කළ බවයි.

එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර සම්මුතීන් මත පදනම්ව, මානුෂීය ආධාර කෙරෙහි ශ්‍රී ලංකා රජය දක්වන අවධානය අපි සාදරයෙන් පිළිගනිමු. එමඟින් බහුපාර්ශ්විකවාදය සඳහා වන කැපවීම ගරු කිරීම, මධ්‍යස්ථභාවය පවත්වා ගැනීම සහ සාමය වෙනුවෙන් වූ ඔවුන්ගේ කැපවීම මැනවින් අවධාරණය කෙරේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *