එක්සත් ජනපදය සමඟ වෙළද සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය රජයටත්, සාකච්ඡා සදහා සහභාගී වූ දේශීය නියෝජිත පිරිසටත් සිය සුබ පැතුම් එක්කරයි.
කෙසේ වෙතත්, නව තීරු බදු අනුපාත දැනුම් දෙමින් ජනාධිපති ට්‍රම්ප් නිකුත් කර තිබෙන නිවේදනයේ, “ඇතැම් හවුල්කරුවන්, එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළද හා ආරක්ෂක එකඟතාවයන්ට දැනටමත් පැමිණ හෝ පැමිණීමට නියමිතව හෝ තිබේ, ” යනුවෙන් සදහන්ව ඇති බැවින්, ලංකාව පැමිණි එකඟතා මොනවාදැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරයි.