එජාප – සජබ එකතු කිරීමේ වග­කීම සජිත් අතට ගනියි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය අතර සන්ධා­න­යක් ගොඩ­නැ­ඟීමේ වග­කීම විපක්ෂ නායක සහ සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස භාර ගත් බව සජබ මහලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැව­සීය. ඔහු මේ බව පැව­සුවේ සම්මුඛ සාක­ච්ඡා­ව­කට එක් වෙමිනි.

දෙපා­ර්ශ්වය එක්ව කට­යුතු කරන්නේ කෙසේද? එහිදී වග­කීම් බෙදා­ගන්නේ කෙසේද? යන කරුණු සම්බ­න්ධ­යෙන් තම පක්ෂය අභ්‍ය­න්ත­රයේ මේ වන විට දීර්ඝ වශ­යෙන් සාකච්ඡා සිදු වෙමින් පව­තින බවද පෙන්වා දුන් මහලේක­ම්ව­රයා, ආණ්ඩුවේ අසා­ර්ථක වැඩ­පි­ළි­වෙළ නිසා පීඩා­වට පත්ව සිටින ජන­තා­වට සහ­න­යක් සලසා දීමට හැකි උප­රි­ම­යෙන් කට­යුතු කරන බවද අව­ධා­ර­ණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *