හෙට ලංකාවට එන හැමෝටම ඕනේ වෙන ඉන්දියාවේ UPI මුදල් ගනුදෙනු ක්‍රමය ගැන විදේශ ඇමති අලි සබ්‍රි කියයි

ඉන්දියාවේ UPI (Unified Payments Interface) ගෙවීම් පද්ධතිය හෙට (පෙබ. 12) මෙරට දියත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, අදාළ පද්ධතිය මෙරටට හඳුන්වා දීම වෙනුවෙන් එකඟතාවලට එළඹෙනු ඇති බව ත් එය මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට උපකාරී වනු ඇති බව ත් ය.

ඉන්දීය සාගර සමුළුව සඳහා අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගිය අවස්ථාවේ මේ බව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් මදුරාසියේ IIT විශ්වවිද්‍යාලය වෙත ගිය අතර ඔවුන් ශ්‍රී ලංකාවේ IIT මණ්ඩපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ත් ඔහු ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

Unified Payments Interface (UPI) යනු කුමක් ද?

UPI යනු, බැංකු ගිණුම් කිහිපයක් තනි ජංගම දුරකතන යෙදුමකට (app) සම්බන්ධ කරන පද්ධතියකි. එමගින් බැංකුකරණ කටයුතු එක යෙදුමක් හරහා බාධාවකින් තොරව මාර්ගගතව සිදු කිරීමට හැකි වනු ඇත.

UPI ගැන වැඩිදුර දැන ගැනීමට සඳහා මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *