විය හැකි එකම දේ බන්ධනාගාර කොමසාරිස්ගේත් ඇස් වසා දූෂිත නිළධාරී කණ්ඩායමක් අදාල පුද්ගලයා නිදහස් කිරීමට කටයුතු කිරීමයි – ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා

වෙසක් පොහොය වෙනුවෙන් ජනාධිපති සමාව ලබා දුන් සිරකරුවන් සමඟ, ජනාධිපතිවරයා විසින් නිදහස් කිරීම සදහා අත්සන් නොකරන ලද සිරකරුවකුද නිදහස් වී ඇති බව මේ වන විට වාර්තා වේ. 

ඒ අනුව, මෙතැනදී සිද්ධ වී තිබිය හැකි එකම දේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේත් ඇස් වසා කිසියම් දූෂිත නිළධාරියෙකු හෝ නිළධාරී කණ්ඩායමක් අදාල පුද්ගලයා මුදා හැරීමට කටයුතු කර තිබීම බව ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි. 

එසේ නොමැතිව, ඇප ලබා දී අධිකරණයෙන් මුදා හැරීමට නියම කරන පුද්ගලයෙකු පවා මුදා හැරීම ප්‍රමාද කරන බන්ධනාගාර නිළධාරීන්, ජනාධිපතිවරයාට යැවූ ලේඛනයේ නොතිබුණු පුද්ගලයෙකු මුදා හැරීමට ඉක්මන් වීම කිසිසේත්ම විය නොහැකි දෙයක් බවයි ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ. 

img 3283 1 Iri News