ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් (Search & Rescue) මෙන්ම ආපදා කළමනාකරණ හැකියාවන් ඉහළ නැංවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය මගින් Bell 206 SEA RANGER වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය මේ බව නිල වශයෙන් නිවේදනය කරමින් කියා සිටියේ, මෑතකදී ඇති වූ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව වැනි ආපදා අවස්ථාවලදී සෝදිසි කිරීම් සහ සහන සේවා සඳහා හෙලිකොප්ටර් යානා ඉටු කරන සුවිශේෂී මෙහෙවර මින් තහවුරු වන බවයි.