ඉරාන නෞකා සහ ඒවායේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පවතින තත්ත්වය හැසිරවීමේදී ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවය අමෙරිකා එක්සත් ජනපදය පිළිගන්නා අතරම ඊට ගෞරව කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශකයා කරනවා.
‘IRIS Bushehr’ නෞකාවේ සහ එහි කාර්ය මණ්ඩලයේ මෙන්ම, මුහුදේදී බේරාගත් ඉරාන නාවිකයන්ගේ අවසාන තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවට බවත්, එම තීරණය දේශීය නීතියට සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව ශ්‍රී ලංකාව විසින් ගත යුතු බවත් අමෙරිකාව පෙන්වා දෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ අමෙරිකාව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සංවාදයක නිරත වන බවයි.
එහිදී ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ වන්නේ ඉරානය විසින් අමෙරිකාවට සහ එහි හවුල්කාර රටවලට එල්ල කරන තර්ජන අවම කිරීම බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.