තීරු බදු රහිතව ඇමරිකානු වාහන ගන්නැයි ඇමරිකාව ලංකාවට දැනුම් දෙයි

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු නිෂ්පාදිත මෝටර් රථ තීරුබදු රහිතව ආනයනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙය දෙරට අතර පවතින අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය මත පදනම් වූවකි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වේ.

මුලින් සියයට 44ක්ව පැවති තීරුබදු ප්‍රතිශතය මේ වන විට සියයට 20ක් දක්වා පහත හෙළීමට එක්සත් ජනපදය පියවර ගෙන ඇත.

ධවල මන්දිරය මඟින් නිකුත් කළ නිවේදනයට අනුව, මෙම නව බදු අනුපාත සමඟ ඉදිරියේදී වෙළඳ හා ආරක්ෂක ගිවිසුම්වලට එළඹීමට ඇමරිකානු රජය අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *