ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක ආයෝජනයක් තුළින් රැකියා 500ක් නිර්මාණය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක වාර්ෂික ආදායමක් ඉපයීමට අපේක්ෂා කරමින් Shield Restraint Systems (පුද්) සමාගම සිය අති නවීන නිෂ්පාදන පහසුකම
පසුගියදා නිට්ටඹුව, වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේදී නිල වශයෙන් විවෘත කරන ලදී.
එම අවස්ථාව සඳහා TransDigm Inc හි උප සභාපති Kevin McHenry, Shield Restraint Systems හි සභාපති Dennis Pursel යන මහත්වරුන් ඇතුළු එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සහ Shield හි විධායක කණ්ඩායම එක්ව සිටියහ. එමෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා, අධ්යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය සහ ආයෝජන මණ්ඩල විධායක නිලධාරීන් මෙන්ම එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයන්ද එම අවස්ථාවට එක්වූහ. මෙම සහභාගිත්වය තුළින් නිෂ්පාදන මෙහෙයුම් සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් ඉහළ නැංවීම සඳහා වන Shield හි කැපවීම මෙන්ම දෙරට අතර ශක්තිමත් ආර්ථික සබඳතාව ද මනාව පිළිබිඹු වන බව උත්සව අවස්ථාවට සහභාගිවූ ආරාධිතයෝ පැවසූහ..
TransDigm Group Inc හි අනුබද්ධ සමාගමක් වන Shield Restraint Systems ගුවන් සේවා නොවන වෙළෙඳපොළ සඳහා භූමිය පදනම් කරගත් සීමා පද්ධති (restraint systems) පිළිබඳ විශේෂඥ ආයතනයක් ලෙස කටයුතු කරයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 8.6ක ගුවන් සේවා සහ ආරක්ෂක පුරෝගාමියකු වන TransDigm Group වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ක්‍රියාත්මක එහි අනුබද්ධ සමාගමක් වන AmSafe Bridport (පුද්) සමාගම හරහා දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සිය පැවැත්ම තහවුරු කිරීමටද තීරණය කර ඇත.