ඉදිරියේදී ඩොලරය 250 දක්වා පහළට යන බව හෙළි වෙයි

දැනට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 299 මට්ටමට පහත වැටී ඇති අතර ඉදිරි කාලයේදී රුපියල තවදුරටත් ශක්තිමත් වී 250 – 260 තත්ත්වයට පත්විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසයි.

ඉදිරියේදී ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත වීම මෙන්ම විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම නිසා ද අපට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩිවීම නිසා රුපියල තවදුරටත් ශක්තිමත් විය හැකි බව ඔහු දේශයට අවධාරණය කළේය.

මේ වන විට රුපියල ශක්තිමත් වීමට තවත් හේතුවක් වී ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් ලැබුණු ණය හා ප්‍රදාන හේතුවෙනි. එසේ වුවද මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ විදේශ ණය ගෙවීම නවතා ඇති පසුබිමක බව අමතක නොකළ යුතු යැයි පවසන මහාචාර්යවරයා කුමන හේතුවක් නිසා හෝ ඉදිරියේදී රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වී රටින් යන ප්‍රමාණය ඉහළ ගියහොත් සියල්ල උඩු යටිකුරු වනු ඇති බව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *