වේගයෙන් ඉහළ ගිය ඩොලරය නොසිතූ ලෙස අද 294 දක්වා පහළට ඇද වැටෙයි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (20) දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගය පහළ වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 294. 92 ක් ලෙස සටහන් වී තිබෙනවා.

පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 295. 80ක් ලෙසයි සටහන් වූයේ.

එමෙන් ම අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 304. 59 ක් ලෙස සටහන් වී ඇති අතර පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල

සටහන් වූයේ රුපියල් 305. 15ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *