දෑස් පුදුම කරමින් ඩොලරය අද රුපියල් 317 දක්වා පහළට යයි

2024 වසරේ පෙබරවාරි 02 දින දක්වා කාලපරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලරය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියල 3.2% කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර අනෙකුත් ප්‍රධාන විදේශ විනිමය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන්වලට සාපේක්ෂව 6.8% කින්, ස්ටර්ලිං පවුමට එරෙහිව 3.1% කින්, යූරෝ හා සැසඳීමේ දී 5.1% කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 2.9% කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 307.70 ක් හා විකුණුම් මිල රු. 317.25 ක් ලෙසින් වාර්තා වී තිබේ.

අද දින එ.ජ.ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකයරු. 311.41 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 ජූලි 10 වන දිනෙන් පසු වාර්තා වී ඇති පහළම අගය වේ.

එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය Indicative Rate of the USD/LKR Spot Exchange Rate) යනු පෙර දිනයේ දී/ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *