ඩොලරය තවත් ඉහළට යයි – රත්තරන් මිලත් ආයේ වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.29ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.88ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 296.55 – රු. 306.59

කොමර්ෂල් බැංකුවේ – රු. 295.84 – රු. 306.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 306.00

සෙලාන් බැංකුව – රු. 296.00 – රු. 305.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.25 – රු. 308.25

එන්.ඩී.බී. (NDB) – රු. 295.25 – රු. 306.25

අමානා බැංකුව – රු. 299.50 – රු.305.00

ලංකා බැංකුව – රු. 298.25 – රු. 306.25

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (05) දිනයේ කැරට් 22 රන් පවුම රු.182,750.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 199,400.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,920.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.199,400.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,850.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,750.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,810.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.174,450.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *