ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (19දා) තවදුරටත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් හා විකුණුම් අගයන් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.
මේ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.295.76 දක්වා සහ විකුණුම් අගය රු. 286.74ක් දක්වා පහත වැටී තිබේ.
2022 මාර්තු 25 දිනෙන් පසුව ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම ගැනුම් හා විකුණුම් අගයන් මේ අනුව ඊයේ වාර්තා වී ඇත.
මේ අතර ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක මධ්‍ය අගය හෙවත් නිරූපිත විනිමය අනුපාතය රු. 291.58ක් දක්වා පහත වැටී අතර 2022 ජුනි 06 දිනෙන් පසුව ඇමෙරිකානු ඩොලරයේ මධ්‍ය අගය රු. 291 මට්ටමට පත්ව ඇති ප්‍රථම අවස්ථාවද මෙය වේ.