මාස 03ට විතරක් ලංකාව ඩොලර් මිලියන 120 ක එළවළු පලතුරු පිටරටින් ගෙන එයි

එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා මෙම වසරේ (2024) මුල් මාස තුනේ දී ඇමරිකානු ඩොලර් මිලියන 120.4ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

ඉකුත් වසරේ (2023) මෙම කාල සීමාවේ දී එළවළු හා පළතුරු ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 85.6ක මුදලක් වැය කර තිබුණි. ඒ අනුව ඉකුත් වසරේ (2023) මෙම කාල සීමාවට වඩා 2024 මෙම කාල සීමාවේ දී එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා වැඩිපුර ඇමරිකානු ඩොලර් මිලියන 34.8ක මුදලක් වැය වී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වේ.

මෙම වර්ෂයේ මාර්තු මාසයේ දී පමණක් එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2ක මුදලක් වැය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *