ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සඳහා අධි තාක්ෂණික නියමුවන් රහිත යාත්‍රා (Unmanned Surface Vehicles – USVs) ලබාගැනීම පිණිස ජපානයෙන් යෙන් මිලියන 500ක (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.25ක්) මූල්‍ය ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකාව සහ ජපානය අතර ගිවිසුම්ගත වී තිබේ.
මෙම ගිවිසුම, ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින් සිදු වූවක් බව සඳහන් වේ. නියමුවන් රහිත යානා භාවිතයෙන් මුහුදු තීරයේ නිරීක්ෂණ කටයුතු, නීති විරෝධී ක්‍රියාකාරකම් මැඬලීම සහ සෝදිසි මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට නාවික හමුදාවට හැකි වනු ඇත.