ඌව පළාත් ප්‍රධාන ඇමති බංගලාව පොදු කටයුතු වලට යෙදවීමට තීරණය කරයි

බදුල්ල නගර මධ්‍යයේ පිහිටි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය බංගලාව පොදු කටයුතු වලට භාවිතා කර ජනතා සේවයට යොදාගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර මහතා නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

මෙම බංගලාවේ කොටසක් දැනට ඌව පළාත් සභාව මඟින් ව්‍යාපෘති කාර්යාලයක් ලෙස භාවිතා කරයි. එම බංගලාව නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා බංගලාව සම්පූර්ණයෙන් පොදු කටයුතු සඳහා යොදාගැනීමට ඵලදායී සැලැස්මක් සකස් කරන ලෙසත් කඩිනමින් එය ඉටුකරන ලෙසත් මෙලෙස දන්වා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *