වාල­ච්චේන කඩ­දා­සි­යෙන් නිෂ්පා­දිත අභ්‍යාස පොත් ළඟ­දීම වෙළෙ­ඳ­පො­ළට – ජාතික කඩ­දාසි සමා­ගමේ සභා­පති

දරු­වන්ට අඩු මිලට පාසල් අභ්‍යාස පොත් ලබා­දීම සඳහා වාල­ච්චේන කඩ­දාසි කම්හලේ නිෂ්පා­දිත පාසල් අභ්‍යාස පොත් ඉදිරි මාස තුන ඇතු­ළත වෙළෙ­ඳ­පො­ළට නිකුත් කරන බව ජාතික කඩ­දාසි සමා­ගමේ සභා­පති උපාලි රත්නා­යක මහතා පැව­සීය.

ගතවූ වසර තුළ රාජ්‍ය ව්‍යාපාර ලබා ඇති ප්‍රග­තිය පිළි­බ­ඳව ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමු­ව­කදී ඒ මහතා සඳ­හන් කළේ, වෙ‍ෙළ­ඳ­පළේ දැන් තිබෙන අභ්‍යාස පොතට සමාන ආකා­ර­යට පිට කව­ර­යට අලං­කාර ඡායා­රූප යොදා­ග­නි­මින් කඩ­දා­සියේ ගුණා­ත්ම­ක­භා­වය ආරක්ෂා කර­ග­නි­මින් පාසල් අභ්‍යාස පොත් වෙ‍ෙළ­ඳ­ප­ළට නිකුත් කරන බවයි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය,

“අකුරු හැඩට ලියමු“ තේමාව යටතේ ප්‍රති­ච­ක්‍රී­ක­රණ කරන ලද කඩ­දාසි යොදා­ග­නි­මින් පරි­සර හිත­කාමී ක්‍රියා­ව­ලි­යක් යටතේ මෙම කඩ­දාසි නිෂ්පා­ද­නය කෙරෙ­නවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව ඉවත දමන කඩ­දාසි නැවත භාවිත කිරීම සිදු කෙරෙ­නවා. දැන් වෙ‍ෙළ­ඳ­පොළේ පව­තින මිලට වඩා අඩු මිලට අපේ දිළිඳු දරු­වන්ට මේ පොත්පත් ලබා­දීම අපේ අපේ­ක්ෂා­වයි.

ජාතික කඩ­දාසී සමා­ගමේ නිෂ්පා­දන ආරම්භ කළේ 1956 වසරේ. 1960/ 75 කාලය අපේ කර්මා­න්ත­ව­ලට හොඳ සමෘ­ද්ධි­මත් කාල­යක් උදා වුණා. ඒ කාලේ සේව­ක­යන් 3000ක් පමණ වාල­ච්චේන කඩ­දාසි කම්හලේ සේවය කළා. 2014 වසරේ මෙම කර්මා­න්ත­ශා­ලාව වසා දැමුණා. 2016දී ස්වේච්ඡා වන්දි ක්‍රම­යක් යටතේ වාල­ච්චේන සහ ඇඹි­ලි­පි­ටිය සියලු සේව­කයෝ ඉවත් කරනු ලැබුවා.

2020දී මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර තිබුණා. නමුත් පසුව අභා­ව­යට යන තත්ත්ව­යක් ඇති වූ වාල­ච්චේන කඩ­දාසි කම්හල නව රජය පත් වූවට පසුව අලුත් පාලක මණ්ඩ­ල­යක් යටතේ 2025 නිෂ්පා­දන කට­යුතු නැවත ආරම්භ කළා. මෙම කර්මා­න්ත­ශා­ලාව අද වෙන­කොට පැය 24 පුරාම ක්‍රියා­ත්මක වන තත්ත්ව­යට ගෙනල්ලා තියෙ­නවා.

ජන­වාරි මාසේ නිෂ්පා­දන පටන් අර­ගෙන අප්‍රේල්, මැයි වෙන­කොට සේවක පඩි නඩි ගෙවලා, විදුලි බිල් ගෙවලා, අමු­ද්‍රව්‍ය ගාස්තු ගෙවලා, සියලු විය­දම් සපුරා ගැනී­මට හැකි තත්ත්ව­යට ගෙනාවා. ජූලි මාසයේ සිට අපි ක්‍රියා­ත්මක වෙන්නේ මෙහෙ­යුම් ලාභ­යක් සහි­තව.

2020 නැවත ආරම්භ කළේ භාණ්ඩා­ගාර ඇප­යක් සහි­තව රුපි­යල් මිලි­යන 140ක ණය මුද­ලක් අර­ගෙ­නයි. මෙම ණය මුදල ගෙවීම හිඟ තිබුණා. අපි ඒ හිඟ මුදල ගෙවී­මට අදාළ කට­යුතු සිදු කර­ගෙන යනවා.

2023 වසරේ ඇඹි­ලි­පි­ටිය කර්මා­න්ත­ශා­ලාව පෞද්ග­ලික අංශ­යට අවු­රුදු 30කට බදු දීලා තියෙ­නවා. එම පෞද්ග­ලික ආය­ත­නය විසින් කර්මා­න්ත­ශා­ලාව සාර්ථ­කව පව­ත්වා­ගෙන යනවා.

පැරණි කඩ­දාසි නග­රය නව මුහු­ණු­ව­ර­කින් නැවත ඇති කිරී­මයි අපේ ඉදිරි සැල­සුම. ඒ යටතේ වාල­ච්චේන කඩ­දාසි නග­රය, දුම්රිය ස්ථානය නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය ආරම්භ කර තිබෙ­නවා. අමු­ද්‍රව්‍ය ගෙන යෑම සහ කර්මා­න්ත­ශා­ලාවේ නිෂ්පා­දන නැවත කොළ­ඹට ගෙන ඒම සඳහා මෙම දුම්රිය ස්ථානය සකස් කර තිබුණා. වාල­ච්චේන කඩ­දාසි නග­රය නව මුහු­ණු­ව­ර­කින් ඇති කිරීම වත්මන් රජයේ මූලික අර­මු­ණක්.

කර්මා­න්ත­ශා­ලාවේ තිබූ පැරණි තාක්ෂ­ණය නැවත වැඩි­දි­යුණු කිරී­මත් සිදු කර­ගෙන යනවා. එය දරු­වන්ට දැක ගැනීම සඳහා කෞතු­කා­ගා­ර­යක් බවට පත්කි­රී­මට අපේක්‍ෂා කර­නවා. පාසි­කුඩා වෙරළ පද­නම් කර­ගෙන සංචා­රක කලා­ප­යක් ඇති කිරී­ම­ටත් අපේක්ෂා කර­නවා.“

මෙහිදී අද­හස් දැක් වූ බී.සී.සී. ලංකා සමා­ගමේ සභා­පති ප්‍රසංග ඉන්ද්‍ර­ජිත් මහතා,

“ ආය­ත­නයේ විශාල අඩු­පාඩු ප්‍රමා­ණ­යක් තිබුණා. නිෂ්පා­දන හරි­යා­කා­රව කර­ගන්න ක්‍රම­වේ­ද­යක් තිබුණේ නැහැ. යන්ත්‍ර සූත්‍ර පවා වසර සීය­කට වඩා පර­ණයි. අද වෙන­කොට බී.සී.සී. ආය­ත­නයේ ලාභ­යෙන් කෝටි පහක් භාණ්ඩා­ගා­ර­යට අපි ලබා­දීලා තියෙ­නවා. මිලි­යන 197ක ස්ථිර තැන්පතු තියෙ­නවා. පාරි­භෝ­ගි­ක­යාගේ ඉල්ලීම තර­මට නිෂ්පා­දන කට­යුතු කර­ගන්න බැරි වෙලා තියෙ­නවා. මේ ආය­ත­නය කිසිම හේතු­ව­කට ඉදි­රි­යේදී වැටෙන්නෙ නැති වෙන්න ස්ථාවර කරලා තියෙ­නවා. අද වෙන­කොට හැම සුපර් මාකට් එක­කම අපේ නිෂ්පා­දන අලෙවි කර­නවා. දෙසැ­ම්බර් වෙන­කොට ආප­ණ­ශාලා සංකී­ර්ණ­ය­කුත් ආරම්භ කර­නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *