වැට් බද්ද ලබන මාසේ 15% දක්වා පහතට

දැනට පවත්නා 18% ක වැට් බදු අනුපාතය ලබන අප්‍රේල් මාසයේ සිට 3% කින් අඩු කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉදිරි කාලයේදී වැට් බදු අනුපාතය 15% මට්ටමේ පවත්වා ගැනීමට රජය තීරණය කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

පසුගිය කාලයේ 12% ක්ව තිබූ වැට් බදු අනුපාතය 18% ක් දක්වා ඉහළ දැමුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය අනුවය.

එහෙත් එලෙස වැට් බදු අනුපාතය 3% කින් පහළ දමනු ලැබුවහොත් වාර්ෂික වැට් බදු ආදායම රුපියල් බිලියන 300 කින් පමණ පහත වැටෙනු ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *