මිනිස්සු එළවළු ගන්න එක නතර කිරිමෙන් එලවළු මිල පහළ බැසීම ඇරඹෙයි

දඹුල්ල ආර් ථික  මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීම සීග්‍රයෙන් ම අඩු වීමත් සමඟ 18  දින එළවලු මිල පහත වැටෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

පසුගිය දිනයෙ ඉහළ ගිය බෝංචි ,කැරට්, ගෝවා ,බීට් ,ආදී එළවළු වර්ග සියල්ලගේම මිල  රුපියල් දෙසීයක් පන්සියයත්  අතර මි

නුවරඑළිය ප්‍රදේශයෙන්  ගොවීන්ගෙන් එළවලු රැගෙන  ආර්ථික  මධ්‍යස්ථානවල දමා අලෙවි කරන අතරමැදි වෙළෙන්දන් ඉතා සූක්ෂම ලෙස  මෙම මිල ඉහල දැමීමේ කූට උපක්‍රමයක් ක්‍රියාත්මක වන බවද වෙළෙන්දෝ පවසති.

වෙළදපලේ එළවළු මිල  වීමසීම සඳහා යන ඕනෑම අයෙකුට ව්‍යාජ මිලවල් ඉදිරිපත් කොට ඊට හාත්පසින් වෙනත් මිල ගණන් යටතේ මෙම අතරමැදි වෙළෙන්දන් කැරට් අලෙවි කරන බව  18 දින දහවල්  අප සිදු කරන ලද සොයා බැලීමකදී අනාවරණය වීම විශේෂත්වයකි.

එමෙන්ම මෙදින කැරට් කිලෝවක  තොග මිල  කියාදැයි  අතරමැදි වෙළෙන්දෙකුගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ රුපියල් 1110ක් 1800ත් අතර මිලයකට අලෙවි කිරීම සිදුකරන බවය.

එමෙන්ම උදෑසන රුපියල් 1800 ක් 2000 අතර මිල ගණන් පැවැති බවද එම වෙළෙන්දන් අප සමග සඳහන් කරන්නට විය . එම අවස්ථාවේදීම එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි වෙළෙන්දෙකු කියා සිටියේ මෙම අතරමැදි වෙළෙන්දා  බොරු තොරතුරු ප්‍රකාශ කරන බවය. ඔහුගෙන්ම කැරට් කිලෝ එක රුපියල් 800ක මුදලකට තමන් මිලදී ගත් බවද ඔහු එම අවස්ථාවේ එම ව්‍යාපාරිකයා ඉදිරියේම ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

එහිදී අප දිගින් දිගටම මෙම අතරමැදි වෙළෙන්දාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුට නිසි උත්තරයක් ඊට ලබාදීමට නොහැකි වීම ද විශේෂත්වයකි.

එමෙන්ම පෙරදා  රුපියල් 600ත් 800ත් අතර මිලයකට අලෙවි වූ බෝංචි කිලෝව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී රුපියල් 450ක් 500 ත්  මිලක් දක්වා  පහත වැටී තිබිණි . රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ මිලයකට අලෙවි කළ ලීක්ස් කිලෝවද රුපියල් 380ක් 450 අතරන් මිලකට අඩුවී තිබෙනු අතර කන්ද උඩරටින් ලැබෙන එළවළු බොහොමයක් මිලදී ගැනීම වෙළෙන්දන් ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන විත් තිබූ ඉතා සීමිත කැරට් ලින්ක්ස් බෝංචි අලවි නොවීම නිසා රැගෙන ආ වෙළෙන්දන් එම ස්ථානවල ම රඳවාගෙන තිබෙන අයුරුත් දැකගැනීමට හැකි විය.

ඇතැම් වෙළෙන්දන් සඳහන් කළේ කැරට් අලෙවි නොවන නිසා ලොරි මතම තබා දවසකට රුපියල් 1500ක කුලියක් ලබා දී මුරකරුවන් කැරට් වලට යොදවා තිබෙන බවය .

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති  රෝහණ බණ්ඩාර මහතා කියා සිටියේ  ආර්ථික මධ්‍යස්ථාන  වසා දැමීමේ අවදානමක් ලක්වන බවට යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.

වෙළදසැල් වසා දැමීමක් හෝ එවැනි අවධානමක්  කිසිසේත් නොමැති බවත් අවශ්‍ය එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානවල පවතින නමුත් ඉහළ ගිය එළවළු මිලදී ගැනීමකින් තොරව ඕනෑ තරම්   ජනතාවට දැරිය හැකි මට්ටමේ  එළවළු මිලදී ගැනීමට හැකියාව තිබෙන බවද හෙතෙම  පැවසීය.

එමෙන්ම ඉහළ ගිය එළවළු මිල ඝ්‍රයෙන්   පහත වැටීමේ තත්ත්වයට පත්ව ඇතැයි ද  ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන් අතර තවත් දින කිහිපයක් යද්දී ඇතැම්විට මෙම තත්ත්වයන් පාලනය වන බව ද  සඳහන් කළේය.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ උදෑසන් කන්ද උඩරට ප්‍රදේශවලින් එන එළවලු  වලට  ඉහළ මිල ගනන් ප්‍රදර්ශනය කොට තිබෙන බවත් ඒ අනුව එම මිලට වඩා ඉහළ මිලක් ගොවීන් තබමින් ඉතා සූක්ෂම ලෙස කූඨ උපක්‍රමයක් භාවිතා කරන බවද වෙළෙන්දෝ අවධාරණය කරති.

එළවළු මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව කන්ද උඩරට ප්‍රදේශවල වර්ෂාවෙන් පසුව ඉතිරි වී ඇති සෑම එළවළු කොටුවක්ම ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ එළවළු කොටු බවත් එම එළවලු වලට ඉහළ මිලක් ලබා ගැනීම සඳහා ඉතා සූක්ෂම ලෙස නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාව මෙම ක්‍රමය භාවිතා කරන නිසාවෙන් සමස්ත  එළවළු වෙළඳාමට ජනතාවගෙන් දෝශාරෝපණය ලක්වන බවත් මෙතරම් මිල ඉහළ යෑම සිදුවන බවද වෙළෙන්දෝ පෙන්වා දෙති වහාම මෙම ජාවාරමට වැට බදින ලෙසද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කරන්නට වූහ.

image 59918c99b0 Iri News
image 46366ab6a4 Iri News
image 7b15615f87 Iri News
image ef6095d00b Iri News
image e972f4f887 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *