මෙරට එළවළු මිල වේගයෙන් පහළට – එළවළු කිහිපයක මිලත් ලෙල්ලටම බහියි

රාබු,කැකිරි ඇතුළු එළවළු වර්ග කීපයක කිලෝවක තොග මිල රුපියල් 20 ත් 30 ත් අතර මිලක් දක්වා අඩුවී තිබේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ රාබු සහ පිපිඤ්ඤා කිලෝවක් ඊයේ (27 වැනිදා) දිනයේ අලෙවි කෙරුණේ රුපියල් 20 ක තොග මිලකටය.

කැකිරි සහ මෑකරල් කිලෝවක් රුපියල් 30 ක තොග මිලකට අලෙවි කෙරුණු බව දඹුල්ල තොග වෙළෙන්දෝ කියා සිටිති.

එමෙන්ම,ගොටුකොළ, කංකුන් පලා මිටියක මිල රුපියල් 25 ක් දක්වාද පොළොස් ගෙඩියක මිල රුපියල් 55 ක් දක්වාද අඩුවී තිබේ. ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් අඩුවී ඇතැයි වෙළෙන්දෝ පවසති.

යාපනය අර්ධද්වීපයෙන් දඹුල්ලට විශාල වශයෙන් රතුලූනු තොග ඇතුළු එළවළු තොග ලැබීම නිසා පසුගිය දිනවල කිලෝවක් රුපියල් 350කට අලෙවි වූ රතුලූනු කිලෝවක මිල ඊයේ (27 වැනිදා) වනවිට රුපියල් 110 ත් රුපියල් 230ත් දක්වා අඩුවී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *