බෝංචි 150යි, කැරට් 150යි, තක්කාලි 50යි, මෑකරල් 60යි – එළවළු මිල යළිත් හොදටම බහියි

පෑලියගොඩ එළවළු මිලෙහි විශාල අඩුවීමක් ඊයේ (19 වැනිදා) දිනයේ දක්නට ලැබුණු බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්.ටී.එන්. සමරතුංග මහතා පැවැසීය.

අවුරුදු සමය හේතුවෙන් ඊයේ දිනයේ එළවළු මිලදී ගැනීමට පැමිණි ජනතාවගේ විශාල අඩුවක් දක්නට ලැබුණු බවද හෙතෙම කීය.

ඊයේ දිනයේ බෝංචි තොග කිලෝවක් රුපියල් 150කට ද, කැරට් කිලෝවක් රුපියල් 150කට ද ලීක්ස් කිලෝවක් රුපියල් 80කට ද, තක්කාලි කිලෝවක් රුපියල් 50කට ද, මෑකරල් කිලෝවක් රුපියල් 60කට ද, වම්බටු කිලෝවක් රුපියල් 100කට ද, පතෝල කිලෝවක් රුපියල් 100කට ද, අමුමිරිස් කිලෝවක් රුපියල් 100කට ද, කරවිල කිලෝවක් රුපියල් 120කට ද, වට්ටක්කා කිලෝවක් රුපියල් 130කට ද, කැකිරි කිලෝවක් රුපියල් 50කට ද, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 100කට ද, රඑාබු කිලේා්වක් රුපියල් 100කට ද, නෝකෝල් කිලෝවක් රුපියල් 50කට ද අලෙවි වූ බවද ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *