වාහන ආනයනයෙන් රජය මාස දෙකට බිලියන 92ක් හොයයි

වාහන ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කළ පසුගිය පෙබරවාරි මාසයේ පළමු වැනිදා සිට අප්‍රේල් මාසයේ නම වන දා දක්වා කාලය තුළ රජය වාහන ආනයනයෙන් උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 92 ක් බව වාර්තා වේ. 

මෑතක සිදු වූ රජය සතු නිල විදේශ සංචිත පහළ යාමට වාහන ආනයනය සෘජු බලපෑමක් ඇති කර නැති බව මහබැංකුව පවසා තිබේ.

එවැනි ගනුදෙනු සදහා අරමුදල් සපයනු ලබන්නේ නිල සංචිත හරහා නොව, දේශීය හා විදේශීය විනිමය වෙළද පොළ හරහා බව පැවසේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *