වාහන නැව් පිටින් ඕඩර් කරන්න ආනයනකරුවෝ සූදානම් වෙයි

වාහන ආනයන සීමාවන් රජය විසින් ක්‍රමානුකූලව ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග මෙරට වාහන ආනයනකරුවන් විසින් විශාල වශයෙන් වාහන ආනයනය කිරීම සඳහා සූදානම් වෙමින් සිටී.

ඔවුන් ඒ සඳහා දැනටමත් වෙළඳපොළ ඉල්ලුම, මෙරට ණයවර ලිපිවල පිලිගැනීම ඇතුළු සෙසු තත්ත්වයන් පිළිබඳ ව සමීපව අධ්‍යනය කරති.

බොහෝ දුරට ලබන ජනවාරි මාසයේ සිට වාහන ගෙන්වීමට අවස්ථාව හිමිවනු ඇති බවට වාහන වෙළඳ ආනයනකරුවන් අතර විශ්වාසයක් ඇති වී තිබේ.

මෑතකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද කියා සිටියේ ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා කමිටු නිර්දේශ ලැබී ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *