වාහන ටියුන් අප් කරන දන්සලකුත් කරයි

පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ (tune up) දන්සැලක් අද (19) ආරම්භ කර තිබුණි.

අද සහ හෙට (20) නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මෙය පැවැත්වෙයි.

යතුරුපැදි, ත්‍රීරෝද රථ නොමිලේ සුසර කරදීම මෙහිදී සිදු කෙරෙයි.

“මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය අනුව ක්‍රමානුකූලව තම රථය සුසර කර ගැනීමට ඔවුන් උනන්දුවන්නේ නැහැ. එමගින් නිකුත් වන විෂ දුම පරිසරයට ඉතා හානි කරයි. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම මෝටර් රථ අලුත්වැඩියා කරන්නන් යොදාගෙන මෙම වැඩසටහන සිදු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *