බළංගොඩ කස්සප හිමි උපවාසය අත්හරියි

ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින බලන්ගොඩ කස්සප හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (15) පස්වරුවේ අත් හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ගග පවසයි .

උපවාසය සැලවීමත් සමඟ බන්ධනාගාරයට වැඩම කරනු ලැබූ පුල්මුඩේ අරිසිමලය ආරන්‍ය සේනාසන සංචිතයේ අධිපති  පනාමුරේ තිලකවංශ හිමියන් බලන්ගොඩ කස්සප හිමියන් සමග කර සාකච්ඡාවකින් අනතුරුව ඇතිකරගත් එකඟතාව මත මෙම උපවාසය අත්හරුනු ලැබීය උපවාසය අත්හැරීම සංකේතවත් කරමින් බන්ධනාගාරය විසින් ලබා දුන් ගිලන්පස වැළඳීමෙන් මෙම උපවාසය අවසන් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *