ලංකාවේ ආයෝජනය කරන ලෙස වියට්නාමයේ වින්ගෲප් සමාගමට ජනපති ආරාධනා කරයි

ලංකාවේ ආයෝජනය කරන ලෙස, වියට්නාමයේ වින්ගෲප් සමාගමට, ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරාධනා කර තිබේ. 

වින්ගෲප් සමාගම, වියට්නාමයේ පවතින, එරට පෞද්ගලික අංශයට අයත් කීර්තිමත් සමාගමකි. 

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ දිනයේ දී එම සමාගමේ මූලස්ථානයේ දී එහි ඉහළ කළමණාකාරීත්වය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ලංකාවේ ආයෝජන සිද්ධ කරන ලෙස ඔවුන්ට ඇරයුම් කර තිබෙන්නේ එම සාකච්ඡාවේ දී ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *