වඩමාරච්චි කර්කෝවලම් හමුදා කඳවුර ඉවත් කරයි

යාපනය, වඩමාරච්චි, පරිතිතුරෙයි, කර්කෝවලම්හි පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමේ කටයුතු ආරක්ෂක අංශ විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

අක්කර තුනක් පමණ වන පෞද්ගලික ඉඩමක මෙම හමුදා කඳවුර පිහිටා ඇති බව ත් එම ඉඩම පුද්ගලයන් තිදෙනෙකුට අයිති බව ත් වාර්තා වේ.

මෙම කඳවුර පෙරේදා (නොවැ.18) එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එය පිහිටි ඉඩම මුල් අයිතිකරුවන්ට ලබා දීමට නියමිතය.

වඩමාරච්චි උතුර ප්‍රාදේශීය බල ප්‍රදේශයේ පිහිටා තිබුණු මෙම කඳවුර එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි බොහෝ කාලයක සිට එම ප්‍රදේශයේ ජනතාව මෙන් ම දේශපාලනඥයන් ඉල්ලීම් කරමින් කඳවුර ඉදිරිපිට විරෝධතා රැසක් ද පවත්වා තිබිණි.

මෙම ස්ථානය රජය විසින් මැනීමට උත්සාහ කළත් ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හේතුවෙන් එම කටයුතු නතර කිරීමට සිදුව තිබේ.

උතුරේ දේශපාලනඥයන්ගේ මූලික ඉල්ලීමක් වන්නේ, උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව ත් උතුරේ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ඇති කළ යුතු බව ත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *