සුරංගනා කතාවලින් නැවත රටේ ජනතාව මුළා නොකළ යුතු යැයි ද සහන ලබා දීමේ හැකියාව උදාවන්නේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් යැයි ද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කොළඹදී ඊයේ (දෙසැ. 26) පැවසීය.
අතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ද ඩොලර් සංචිත වැඩිවීමෙන් රටේ සංවර්ධනය ඉදිරියට යා හැකි බැවින් පෙබරවාරි හෝ මාර්තු මාසය වනවිට ලයිට් බිල සහ බඩු මිල අඩු කිරීමට හැකි බවත් ඔහු පැවසීය.
බදු බර වැඩි බව ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කර ඇති බව ත් බදු අඩු කර ජනතාවට සහන ලබා දීමට නම් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරගත යුතු බවත් ඒ ඔස්සේ ක්‍රමානුකූලව යන ගමනකින් භාණ්ඩවල මිල අඩු කළ හැකි බවත් ඔහු පැවසීය.
මුදල් අච්චු ගැසීම මේ වනවිට නීතියෙන් ම තහනම් කර ඇති බවත් දේශපාලනඥයන්ගේ දේශපාලන කතාවලින් රට ගොඩනැගිය නොහැකි බවත් ඉදිරියේදී බදු අඩුකර ලයිට් බිල් ඇතුළු භාණ්ඩ හා සේවාවල මිල අඩු කර දෙන්නේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
වැට් සහ අනෙකුත් බදු අඩු කළ හැක්කේ ක්‍රම ක්‍රමයෙන් බවත් එසේ බදු බර අඩු කිරීමෙන් රට ඉදිරියට ගෙන යාමට හැකි බවත් ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර හිමිවී ආර්ථිකයට තවත් විශාල ප්‍රමාණයක ඩොලර් ප්‍රමාණයක් එකතු වන්නේ යැයි මන්ත්‍රීවරයා කීය.