නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා – වජිර අබේවර්ධන කියයි

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

තමා දන්නා ආර්ථික විද්‍යාවට අනුව එය අනිවාර්යයෙන්ම සිදුවන බව  අබේවර්ධන මහතා සඳහන් කළේය. නමුත් ජනතාව ඊට බයවෙන්නට අවශ්‍ය නොවන බව කී එජාප සභාපතිවරයා ” ලංකාව වැටෙන කොට අපි බලා ගන්නවා” යනුවෙන්ද කීය.

මන්ත්‍රීකම් තිබුණත් නැතත් රට වැටෙන විට මුදා ගැනීමට ඉදිරිපත් වන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.ගාල්ල තලාපිටිය කොට්ඨාසයේ පැවති ජන හමුවක් අමතමින් වජිර  අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Source – Lankadeepa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *