ගෙදර එන්නත් කලින්ම වනිදු හසරංග ශ්‍ර්‍රේණිගත කිරීම්වලින් පහළට


විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්වල හොඳ ම තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගට සිය ස්ථානය අහිමි වී තිබෙනවා.

අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල නවතම දත්ත සටහන අනුව පළමු ස්ථානයේ පසු වූ වනිඳු තුන් වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 216ක් ලබාගෙනයි.

එම ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසු වන්නේ, ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබී වන අතර ඔහු ප්‍රසාද ලකුණු 231ක් ලබාගෙන සිටිනවා.

මේ අතර එම ශ්‍රේණිගත කිරීම් සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන්නේ ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක මාකස් ස්ටොයිනිස්.

ඒ ප්‍රසාද ලකුණු 225ක් ලබා ගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *