ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය මේ දිනවල ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්වෙනවා.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායම් දෙකක් නියෝජනය කරන අතර තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකුට ආබාධ තත්ත්වයන් හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වුණා.
මේ අතරම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගත් වනිඳු හසරංග ආබාධය හේතුවෙන් තවමත් දේශීය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව තවත් සතියක් පමණ යනතුරු ඔහුට සන්රයිසස් කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට නොහැකි බවද සඳහන්.
සන්රයිසස් කණ්ඩායම වනිඳු හසරංගව ඉන්දීය රුපියල් කෝටි 1.5කට (ආසන්න වශයෙන් ඩොලර් 181,000) මුදලකට මිල දී ගනු ලැබුවා.