රට ගොඩනගන අරමුදලට ඇමරිකාවේ වොෂිංටන්හි ලාංකිකයින් ලක්ෂ 30ක් පරිත්‍යාග කරයි

ආපදා තත්ත්ව­යෙන් හානි­යට පත් ශ්‍රී ලංකාව නැවත ගොඩ­නැ­ඟීම වෙනු­වෙන් ආරම්භ කර තිබෙන ‘ශ්‍රී ලංකාව නැවත ගොඩ­නැ­ඟීමේ’ අර­මු­දල සඳහා රුපි­යල් ලක්ෂ 30ක් (අමෙ­රි­කානු ඩොලර් 10,000) පමණ පරි­ත්‍යාග කිරී­මට අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ වොෂි­න්ටන්හි වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන් පිය­වර ගෙන තිබේ.

වොෂි­න්ටන්හි බෞද්ධ විහාර පරි­ශ්‍ර­යේදී උතුරු අමෙ­රි­කාවේ ප්‍රධාන සංඝ­නා­යක සහ වොෂි­න්ටන් බෞද්ධ විහා­රයේ විහා­රා­ධි­පති මහ­ර­ගම ධම්ම­සිරි නාහි­මි­යන්ගේ අනු­ග්‍ර­හය යටතේ පැවති ‘ශ්‍රී ලංකාව නැවත ගොඩ­නැ­ඟීම: ආහාර සල්පිල’ සංවි­ධාන කිරී­මෙන් මේ අර­මු­දල එක්රැස් කර­ගෙන ඇතැයි විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

ඒ අනුව මේ උත්ස­වයේ සම සංවි­ධා­යක සම්පත් ඇලෙ­ක්සැ­න්ඩර් මහතා විසින් අමෙ­රි­කාවේ ශ්‍රී ලංකා තානා­පති මහින්ද සම­ර­සිංහ මහ­තාට අදාළ මුදල නිල වශ­යෙන් පිළි­ගන්වා තිබේ. වාසනා රාජ­පක්ෂ, සම­දරා ජය­රත්න, ශානක ජය­ව­ර්ධන, තිලංක නිෂාඩ් මහත්ම මහ­ත්මීන් ඇතුළු සංවි­ධා­ය­ක­යන්ද, අර­මු­දල් රැස්කි­රීමේ අව­ස්ථා­වට සහ­භාගි වූ සහ දායක වූ ශ්‍රී ලංකා ප්‍රජාවේ අනෙ­කුත් සාමා­ජි­ක­යන්ද මේ අව­ස්ථා­වට එක්ව ඇත.

එම මූල්‍ය පරි­ත්‍යා­ගය වොෂි­න්ටන් ඩී. සී. බෞද්ධ විහා­ර­යේදී මහ­ර­ගම ධම්ම­සිරි නාහි­මි­යන් ඉදි­රියේ සිදු විය. ශ්‍රී ලාංකේය ප්‍රජා­වගේ ත්‍යාග­ශීලී දාය­ක­ත්ව­යට තානා­ප­ති­ව­රයා ස්තූතිය පළ කර තිබෙන අතර, අමෙ­රිකා එක්සත් ජන­ප­දය පුරා සිටින ශ්‍රී ලාංකේය සම්භ­ව­යක් ඇති අමෙ­රි­කා­නු­වන් තනි තනිව හෝ සාමූ­හි­කව මේ අර­මු­ද­ලට සැල­කිය යුතු දාය­ක­ත්ව­යක් දී ඇති බව සඳ­හන් කර තිබේ.

ඒ අනුව මේ ඩොලර් 10,000ක පරි­ත්‍යා­ග­යත් සමඟ සම­ස්ත­යක් ලෙස අමෙ­රි­කානු ඩොලර් 27,000ක් (රුපි­යල් 8,358,000) මේ වන­විට තානා­පති කාර්යා­ල­යට භාර දී ඇති බව තානා­පති මහින්ද සම­ර­සිංහ මහතා සඳ­හන් කර තිබෙන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිහි­ටු­වන ලද ශ්‍රී ලංකාව නැවත ගොඩ­නැ­ඟීමේ අර­මු­ද­ලට එම මුදල බැර කිරී­මට නිය­මි­තව තිබේ.

මෑත­කා­ලීන ව්‍යස­න­කාරී ගංව­තු­රෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩ­නැ­ඟී­මට ත්‍යාග­ශීලී සහ­යෝ­ග­යක් දීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා රජය වෙනු­වෙන් තානා­පති මහින්ද සම­ර­සිංහ මහතා මහ­ර­ගම ධම්ම­සිරි නාහි­මි­යන්ට සහ එක්සත් ජන­ප­දයේ ශ්‍රී ලාංකික ප්‍රජා­වට සිය කෘත­ඥ­තාව පිරි­නමා ඇත. ශ්‍රී ලාංකි­ක­යන්ගේ අඛණ්ඩ කැප­වීම වෙනු­වෙන් තානා­ප­ති­ව­රයා ඔවුන්ට ප්‍රශංසා කර තිබෙන අතර, ඔවුන්ගේ ප්‍රශං­ස­නීය උත්සා­හ­යන් පවත්වා ගැනී­මට දිරි­මත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *