ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් රුපියල් කෝටි 51 කට අධික වටිනා ජල මනු අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (22 වැනිදා) දැනුම් දුන්නේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සිසිර කුමාර ජයවීර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් එලෙස දන්වා සිටියේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් රුපියල් පනස්එක්කොට් තිස්හය ලක්ෂ හතලිස්හතර දාහස් පන්සියයක් (513,644,500) වටිනා ජල මනු අස්ථානගතවීම සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ලැබී තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයේ ප්රගතිය වාර්තා කරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත නියම කළේය.